පක්ෂ ලාංඡන අදාළම නෑ... මගේ නායකයා සජිත් පමණයි - රිෂාඩ් බදියුදීන් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 24, 2020

පක්ෂ ලාංඡන අදාළම නෑ... මගේ නායකයා සජිත් පමණයි - රිෂාඩ් බදියුදීන් කියයි

දිරි මහ මැතිවරණයේදී පක්ෂ ලාංඡනය කුමක් වුවත් තමන් හා තම පක්ෂය තරග කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමග බව හිටපු කර්මාන්ත අමාත්‍ය හා වන්නි  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාර්ඩ් බදුයුදීන් මහතා 24 දා වවුනියාවේදී පැවසීය. බදුයුදීන් මහතා මේ බව පැවසුවේ   සමස්ත ලංකා මහජන කොග්‍රස් පක්ෂයේ ශාඛා කාර්යාලයක් වවුනියාව කුරුමන්කාඩු ප්‍රදේශයේදී විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදීය.
සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන්නේ අලියාද හංසයාද යන්න තමන්ට හෝ තම පක්ෂයට වැදගත් නොවන බව කී රිෂාර්ඩ් බදුයුදීන් හිටපු අමාත්‍යවරයා මේ වන විට තම පක්ෂය තීන්දු කොට ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව තරග කිරීමට බව පැවසීය.

මෙහිදී මාධ්‍යවේදීන් සජිත් ප්‍රේමදාස මහතා රිෂාර්ඩ් බදුයුදීන් මහතාව එක් කර නොගන්නා බවට ප්‍රකාශ කොට තිබියදී ඔහු සමග එක්ව මැතිවරණයට තරග කරන්නේ කෙසේදැයි විමසූ විට රිෂාර්ඩ් බදුයුදීන් මහතා කියා සිටියේ  සජිත් ප්‍රේමදාස මහතා තම පක්ෂයට හෝ තමාට එවැන්නක් ප්‍රකාශ කොට නොමැති බවයි.

 මෙවර මහ මැතිවරණයේදී වන්නි දිස්ත්‍රික්කය සදහා තමන්  තරග කරණ  බව පැවසූ රිෂාර්ඩ් බදුයුදීන් මහතා කියා සිටියේ ඒ තරග කිරීම එක්සත් ජාතික පක්ෂයෙන්ද එසේත් නොමැතිනම් එහි සන්ධානය සමගද යන්න මෙතෙක් නිරවුල් වී නොමැති නමුත් සජිත් ප්‍රේමදාස මහතා විසින් ගොඩ නගනු ලබන සන්ධානය ඔස්සේ තමන්  තරග කරණ බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad