ලෝක සෞඛ්‍ය සංවිධානය දෙන්න ගිය උප සභාපතිධූරය පවිත්‍රා ප්‍රතික්ෂේප කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 3, 2020

ලෝක සෞඛ්‍ය සංවිධානය දෙන්න ගිය උප සභාපතිධූරය පවිත්‍රා ප්‍රතික්ෂේප කරයි

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබාදීමට යෝජනා කළ උප සභාපතිධූරය තමා ප්‍රතික්ෂේප කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

නව කොරෝනා වයිරසය හේතුවෙන් රටේ පවතින වාතාවරණය සැළකිල්ලට ගෙන විදේශගත වීමට තමාට නොහැකි බවද ඇමැතිවරිය කීවාය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටුවේ රැස්වීම සඳහා තමාට විදේශ ගත වීමට නොහැකි හෙයින් ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යැවූ බවද ඇමැතිවරිය කීවාය.

ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිවිය යුතු උප සභාපතිධූරය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාට ලැබෙනු ඇතැයි ද ඇමැතිවරිය කීවාය.


No comments:

Post a Comment

Post Bottom Ad