ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොහොට්ටු මන්ත්‍රී ඇප මත නිදහස් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 25, 2020

ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොහොට්ටු මන්ත්‍රී ඇප මත නිදහස් !

ස්ත්‍රී දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් පෙරේදා (24) දිනයේදී අත් අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අලව්ව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු එදිනම පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.
පසුගිය 19 වනදා දහවල් හෙණ්ඩුවාව ප්‍රදේශයේ පිහිටි නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සිටි 41 හැවිරිදි කාන්තාවක් දූෂණයට ලක්කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත අලව්ව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ෂෙල්ටන් පෙරේරා නමැත්තෙකු මෙසේ 24 වනදා අත් අඩංගුවට ගෙන තිබිණි.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව රුපියල් 5000ක මුදල් ඇපයක් සහ රුපියල් 25,000ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණේ.

මීට මාස කිහිපයකට පෙර බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ද මේ ආකාරයෙන්ම පැය කිහිපයක් තුළ ඇප මත නිදහස් විය.

2020 ජනවාරි මාසයේ මුල් දින 15 තුළ පමණක් දිවයින පුරා ස්ත්‍රී දූෂණ 142ක්, බරපතළ ලිංගික අපයෝජන 42ක් සහ ළමා අපයෝජන 54ක් වාර්තා වී තිබිණි.


No comments:

Post a Comment

Post Bottom Ad