අක්‍රමිකතා රැසක් - නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය ධුරයෙන් නෙරපයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 25, 2020

අක්‍රමිකතා රැසක් - නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය ධුරයෙන් නෙරපයි

උසස් පෙළ පන්ති සදහා සිසුවියන් ඇතුළත් කිරීමේදී නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය සිදුකල බවට පැවසෙන අක්‍රමිකතා රැසක් පිළිබදව කරුනු හෙළිවීමෙන් පසු අදාල විගණනය සිදුකල නිලධාරීන්ට බලපෑම් කරමින් සිය හිතවත් දෙමාපියන් යොදවා පාසල ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වු විදුහල්පතිනි ජයනි ප්‍රිශංගිකා වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් ඉවත් කර පරීක්ෂණයක් සදහා යොමු කර තිබේ.
ඇය වෙනුවට කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අනුලා විද්‍යාලයට පත්කර එවීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත.

අනුලා විද්‍යාලයේ විදුහල්පතිනි ජයනි ප්‍රිශංගිකාට එල්ල වූ මූල්‍යමය අක්‍රමිකතා ඇතුලු චෝදනා රැසක් සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව මාස 02 කට අධික කාලයක් විමර්ශනයක් සිදුකරනු ලැබු අතර එහිදී ඇය ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට ප්‍රමුඛතාව දෙමින් කිසියම් හෙළි නොවූ ගනුදෙනුවක සැකයක් ඉතිරි කරමින් උසස් පෙළ පන්ති සදහා සිසුවියන් පාසලට ඇතුළත් කර ඇති බව ඇතුළු අක්‍රමිකතා රැසක් හෙළි විය.

ඇයව බේරාගැනීම වෙනුවෙන් ආදි ශිෂ්‍යා සංගමයේ කොටසක්ද ඇය වෙනුවෙන් මහපාරේ උද්ඝෝෂණය කරේ විගණනය කළ අය හා මාධ්‍ය නාලිකා දූෂිත බව කියමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad