ජාතික ලැයිස්තුව අවභාවිතය නවතයි... පරාජිතයන්ට ජාතික ලැයිස්තු වරම් නෑ – අගමැති මහින්ද සහතික වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 25, 2020

ජාතික ලැයිස්තුව අවභාවිතය නවතයි... පරාජිතයන්ට ජාතික ලැයිස්තු වරම් නෑ – අගමැති මහින්ද සහතික වෙයි

ළඹෙන මැතිවරණයේ දී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන කිසිවෙකු ජාතික ලැයිස්තුව ඔස්සේ පාර්ලිමේන්තුවට නොගන්නා බව අගමැති මහින්ද රාජපක්ෂ අවධාරණය කරයි.

ඊයේ (25) මාර්තු 12 සංවිධානය අගමැතිවරයා සමග සාකච්ඡාවකට පැමිණි අවස්ථාවේ හෙතෙම මේ බව අවධාරණය කර තිබේ.
මැතිවරණ සඳහා ඉදිරිපත් නොවන විද්වතුන් වෘත්තිකයන් රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගෙන ඔවුන්ගෙන් රටට සේවයක් ලබා ගැනීම පිණිස නිර්මාණය කළ ජාතික ලැයිස්තුව ඔස්සේ පරාජිත අපේක්ෂකයන් මෙන්ම ලැයිස්තුවේ නොසිටි අය ද පාර්මේන්තුවට රැගෙන ඒම පසුගිය සමයේ ජනතාව අතර දැඩි විවේචනයට ලක්විය.

එස්.බී. දිසානායක, විජිත් විජේමුණි සොයිසා, මහින්ද සමරසිංහ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, තිලංග සුමතිපාල, අංගජන් රාමනාදන්, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන 2015 පරාජිත අපේක්ෂකයන් ජාතික ලැයිස්තුව ඔස්සේ නැවත පාර්ලිමේන්තුවට ගෙන ඒමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කළේය. ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති ද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි පරාජිතයෙකි.


No comments:

Post a Comment

Post Bottom Ad