තවත් ජනපති ඝාතන කුමන්ත්‍රණයක හෝඩුවාවක් හෙළිවෙයි - ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 25, 2020

තවත් ජනපති ඝාතන කුමන්ත්‍රණයක හෝඩුවාවක් හෙළිවෙයි - ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

නාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වෙත එස්.එම්.එස් පණිවිඩයක් යොමු කළ ඉන්දියන් ජාතික මර්සියෙල් තෝමස් නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියකු අද (25) පැවසීය.
වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැදී සිටීමේ වරද සම්බන්ධයෙන් චෝදනා ලැබ මිරිහාන අතරමැදි සිර කඳවුරේ රඳවා සිටි මෙම ඉන්දියන් ජාතිකයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එවකට ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයට අදාළ නඩුවේ පළමු සැකකරුව සිට නිදහස් වූ තැනැත්තා බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad