කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහලම මට්ටමකට - ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 28, 2020

කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහලම මට්ටමකට - ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

ලෝකය තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය මේ වන විට ඉහලම මට්ටමකට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. මේ හේතුවෙන් ලෝකයේ රටවල් දැඩි අවදානමක පවතින බවයි එම සංවිධානය ප්‍රකාශ කරන්නේ. මේ වන විට ලෝකයේ රටවල් 50ක නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති බව ඔවුන් පෙන්වා දෙන අතර එම සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කරන්නේ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තවදුරටත් හැකියාව පවතින බවයි.
මේ අතර ඉරානය තුළ නව කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 210 දෙනෙකු මියගිය බවට එරට වාර්තා ප්‍රකාශ කළ ද සැබෑ ලෙසම ඉරානය තුළ මෙම වෛරසයෙන් මියගිය සංඛ්‍යාව හය ගුණයකින් ඉහල අගයක් වනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබුණේ.

තවද නිශ්චිත තොරතුරු අනාවරණය නොකිරිම ද කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමට බාධාවක් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad