ඇමති එස්.එම්. පොහොට්ටුවේ දැලි ගෑම පිලිගනී.. ඡන්දෙට වැඩකල කෘෂිකර්ම නිලධාරීන්ට AC කාමර දෙන බව කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 28, 2020

ඇමති එස්.එම්. පොහොට්ටුවේ දැලි ගෑම පිලිගනී.. ඡන්දෙට වැඩකල කෘෂිකර්ම නිලධාරීන්ට AC කාමර දෙන බව කියයි

කෘෂිකර්ම පර්යේෂණ හා කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ නිවාස වල එක කාමරයක් නොමිලේ වායුසමීකරණ යන්ත්‍ර සවිකර දීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඉඩම් හා ඉඩම් සංවර්ධන පරිසර හා වනජීවී ඇමැති චන්ද්‍රසේන මහතාගේ කාර්යාලය දී පවත්වා ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය සඳහා සහයෝගය දීම වෙනුවෙන් මෙම කටයුත්ත සිදු කර දෙන බව ඇමතිවරයා විසින් එම නිලධාරීන් වෙත යවන ලද ලිපිවල සඳහන් වේ.

ඒ අනුව අනුරාධපුර මාතලේ හන්දිය ප්‍රදේශයේ පිහිටි ඇමතිවරයාගේ කාර්යාලයේදීය මෙම සාකච්චාව ඊයේ දිනයේ පැවැත්වී තිබේ.

කෙසේ වෙතත් ඇමැති එස් එම් චන්ද්‍රසේන මහතා මේ සම්බන්ධයෙන් කියා සිටියේ සෝලා විදුලි ව්‍යාපෘතියක් ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමට එම නිලධාරීන් උනන්දු කරවීමේ අරමුණෙන් ඔවුනගේ නිල කාර්යාල වායුසමනය කරදීමට මෙම සාකච්ඡාව පැවැත්වූ බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad