කොරෝනා රෝගීන් 176යි. අවසන් පැය 24දී අලුතින් 10යි - කොරෝනා අධිවසංගත තත්වයක් ආසන්නයේ - GMOA අනතුරු අගවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 5, 2020

කොරෝනා රෝගීන් 176යි. අවසන් පැය 24දී අලුතින් 10යි - කොරෝනා අධිවසංගත තත්වයක් ආසන්නයේ - GMOA අනතුරු අගවයි

කොරෝනා ආසාධිතයන් වෙන් නොකර සමාජය තුළ නිදහසේ ගැවසීමට ඉඩ හැරීම හේතුවෙන් මෙරට තුල කොරෝනා අධි වසංගත තත්ත්වයක් කඩිනමින් ඇති වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කරන්නේ කොරෝනා වෛරස් ආසාධිතයන් හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පරීක්ෂණ පහසුකම් කඩිනමින් පුළුල් කළ යුතු බවයි.

තවත් පමා නොවී ආසාදනයන් ව්‍යාප්තවීම පාලනය සඳහා රෝගීන් හැකිතාක් ප්‍රමාණයක් හඳුනාගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් බවද ඔහු සඳහන් කළේය.

මුල් වටයේදී රෝගීන් යයි හෙළි නොවන සියලු දෙනා නැවතත් නිශ්චිත කාලයකදී පරීක්ෂණයට භාජනය කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

කොරෝනා රෝගීන් 176යි. අවසන් පැය 24දී අලුතින් 10යි.

තවත් කොරෝනා කොරෝනා ආසාදතයෙක් හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී හදුනාගත් රෝගීන් සංඛ්‍යාව 10කි.

මෙම රෝගියාද සමගින් මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 176 දක්වා ඉහළ යයි.

No comments:

Post a Comment

Post Bottom Ad