සහන දෙන්න ප්‍රයෝගික වැඩපිළිවෙලක් හදන්න - සජිත් රජයෙන් ඉල්ලයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 11, 2020

සහන දෙන්න ප්‍රයෝගික වැඩපිළිවෙලක් හදන්න - සජිත් රජයෙන් ඉල්ලයි (VIDEO)

ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීම තුළ සිදුව තිබෙන කළු කඩ ජාවාරමට පාරිභෝගිකයන් හා ගොවි ජනතාවගේ පාර්ශවයෙන් සිතා කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියි.

මේ අතර මත්ස්‍ය වෙළෙඳාම සිදුකර ගැනීමට නොහැකිව ධීවර ප්‍රජාවද අන්ත අසරණභාවයට පත්ව සිටින බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

සහල් මාෆියාවක්ද ක්‍රියාත්මක අතර ගොවි ජනතාවට ස්ථාවර මිලක් අහිමි වී තිබෙන අතර පාරිභෝගික ජනතාවටද සාධාරණ මිලක් අහිමි වී තිබෙන බව ඔහු පෙන්වා දෙයි.

මෙම තත්ත්වයන් මත සැබෑ ගැටළු හඳුනා ගෙන අසරණභාවයට පත්ව සිටින ජනතාව ප්‍රයෝගික විසඳුම් ලබා දිය යුතු බවට ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad