මැතිවරණයෙන් පොහොට්ටුවට ආසන 153ක්.. ඡන්ද ලක්‍ෂ 77ක්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 21, 2020

මැතිවරණයෙන් පොහොට්ටුවට ආසන 153ක්.. ඡන්ද ලක්‍ෂ 77ක්..

මෙවර පැවැත්වෙන මහ මැතිවරණයෙන් ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණට ආසන 153 ක් හිමිවන බව නුවරඑලිය දිස්ත්‍රික් ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණේ අපෙක්ෂක සහ හිටපු රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා පැවසිය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට , ආග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාට , ආණ්ඩුවට සහ රටටත් සෙත්පතා  (21) දින මස්කෙලිය මවුස්සාකැලේ සමන්දේවාලයේ පැවති ආශිර්වාද පුජාවකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් එස්.බි.දිසානායක මහතා පැවසිය.

මෙහිදි මාධ්‍යයට වැඩිදුරටත් අදහස් දක්වමින් එස්.බි.දිසානායක මහතා කියා සිටියේ ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමි වු ජන්ද ප්‍රමාණයට වඩා ලක්ෂ 8 පමණ වැඩි ජන්ද ප්‍රමාණයක් මෙවර ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණට ලැබෙන බවයි.

ආශිර්වාද පුජාවට පැමිණ සියළු දෙනාම සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් සමන් දේවාල පරිශ්‍රයට ඇතුල් කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කර තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad