එන මැතිවරණයෙන් දිනා සජිත් අගමැති කරවනවා.. 2025දී සජිත් ජනාධිපති කරවනවා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 21, 2020

එන මැතිවරණයෙන් දිනා සජිත් අගමැති කරවනවා.. 2025දී සජිත් ජනාධිපති කරවනවා..

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධූරයට පත් කරමින් ආණ්ඩු බලය ලබා ලන්නා බවත් එම සටන අවසන් කරන්නේ 2025 දී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් කරමින් බවද සමගි ජන බලවේගය අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ ගාල්ලේ දී පැවති ජන හමුවක් අමතමිනි.
එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

ගැසට් ගහලා සැමන් පරිප්පු මිල අඩු කරපු විරුවාට ටික දවසකින් මිල වැඩි කළා. හාල් මාෆියාවට යටවුනා. අපේ පාක්ෂිකයින්ට ආණ්ඩුවක් ලබාගනිපු කිසිම අවස්ථාවකදී වැඩක් කරන්න ලැබුණේ නෑ. රස්සාවක් ලබාදෙන්න හැකියාවක් ලැබුණේ නෑ. උඩ ඉන්න අය විතරක් ඩීල් දාගෙන තමන්ගේ වැඩ ටික විතරක් කරගත්තා.

හොරු අල්ලන්නම් කියලා ආපු අය හොරු ආරක්ෂා කළා. හොරු ආරක්ෂා කළේ ඩීල් දේශපාලනය කරන අයයි. හැබැයි අවසානයේදී ගමේ සිටින පාක්ෂිකයා පීඩනයට පත්වුනා. පාක්ෂිකයාගේ පීඩනයට විසදුම් දෙන්නේ කවුද?

ඩීල් දේශපාලනය පැත්තකට දාලා රාජපක්ෂවරුන්ට විරුද්ධවට සටන් කිරීමට කොන්ද පණ තිබුණ එකම නායකයා සජිත් ප්‍රේමදාසයි. ඒ නිසා තමයි අපි එතුමා සමග එකතු වුනේ. පාක්ෂිකයා ආරක්ෂා කිරීමට ඇති එකම බලවේගය තමයි සමගි ජන බලවේගයයි. ගාල්ල ආසනය ඩීල් දේශපාලනයට නම ගිය ආසනයක්.

එදා දින පනස් දෙකේ ආණ්ඩුව අපි පරාජයට පත් කළ නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට මටයි, සරත් ෆොන්සේකා මැතිතුමාටයි ඇමැතිූධරය ලබාදුන්නේ නෑ. සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපේක්ෂකත්වය ලබාදීමේ සටන අපි බදුල්ලෙන් ආරම්භ කළා.

අපිට අවසන් කළ නොහැකිවූ නොනිමි මෙහෙවර අවසන් කරන්නේ දෙදහස් විස්සේදී පාර්ලිමේන්තු බලය අරගෙන, දෙදහස් විසි පහේදී ජනාධිපතිධූරය ලබාගෙද දීර්ඝ කාලීන ප්‍රේමදාස යුගයක් ආරම්භ කරමින්.

මෙම අවස්ථාවට ගාල්ල මැතිවරණ කොට්ඨාශයේ පාක්ෂිකයින් හා මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ද එක්ව සිටියහ.

– manusha media

No comments:

Post a Comment

Post Bottom Ad