ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම නොකියන්නේ නම් වැලිකඩ බන්ධනාගාර ඝාතන සිද්ධියට තමා එල්ලූම්ගස් යවන බව හිටපු අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරියකුට පවසා තිබුණු බව හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා ඊයේ (18 වැනිදා* දේශපාලන පලිගැනීම් පිළිබ`ද සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පැවසීය.
ඒ අනුව මෙම සිද්ධියේදී අත්අඩංගුවට ගත් පළමු සැකකරුට ඇප ලබා දී තිබියදී තමන් දිගින් දිගටම ර`දවා තබා ගනිමින් වැලිකඩ ඝාතනවලට අණ දුන්නේ කවුදැයි දැනගැනීමට උත්සාහ කළ බවද ඔවුන් අරමුණු කළ දේ තමාගෙන් හෙළිකර ගැනීමට නොහැකි වීම නිසාම වසරකට අධික කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගත කර තබාගත් බවද එමිල් රංජන් මහතා පැවසීය.
එම තත්ත්වය හමුවේ ඇතිවූ මානසික පීඩනය නිසා තම බිරි`ද හෘදයාබාධයකට ගොදුරු වී දෙවරක් සැත්කම්වලට භාජනය කළ බවද හෙතෙම කොමිසම හමුවේ කියා සිටියේය.
ඇප ලැබීමෙන් පසු ගමන් යළි රැුකියාව ඉල්ලා සිටියද එය ලබා නොදුන් අතර, එහිදී රැුකියාව යළි ලබා ගැනීම සඳහා එවකට අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය හමුවූ අවස්ථාවක තමන්ට ප‍්‍රශ්නයක් ඇතිවිය හැකි නිසා රැුකියාව ලබා ගැනීමට ඉදිරිපත් කළ අයදුම්පත‍්‍රය නීතිපතිවරයාට යොමු කළ බව ඇය ස`දහන් කළ බවද ඒ මහතා පැවසීය.
ඉකුත් 2020 වසරේ අපේ‍්‍රල් මාසයේදී තමාට රාජ්‍ය සේවයෙන් විශ‍්‍රාම ගැන්වෙන වයස අවුරුදු 60 සම්පූර්ණ වූ බව කොමිසම හමුවේ කියා සිටි එමිල් රංජන් මහතා තමන් විශ‍්‍රාම යෑමට අවසර ඉල්ලා සිටියද මේ දක්වා එයට අවසර ලැබී නොමැති බව ස`දහන් කළේය.
ඒ අනුව අදටත් තමා අනිවාර්ය නිවාඩු යැවූ අයකු ලෙස සිටින අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රැුකියාව කර අභිමානයෙන් යුතුව විශ‍්‍රාම ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි තමන්ට එයද අහිමි වූ බව එමිල් රංජන් මහතා වැඩිදුරටත් කොමිසමට පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වය හමුවේ සිද්ධියට මුහුණ දෙන විට ඉදිරියට රැුකියාව කිරීමට තමන්ට ඉතිරිව තිබූ දෙවසරක කාලය යළි ලබාදී විශ‍්‍රාම ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස කොමිසමෙන් අයැද සිටින බවද ඒ මහතා ස`දහන් කළේය.
-Divaina
Friday, June 19, 2020

වැලිකඩ ඝාතන සිද්ධියට ගෝඨාභයගේ නම නොකිව්වොත් මා එල්ලූම් ගස් යවන බව තලතා කියා තිබුණා.
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment