අපේක්ෂකයාගේ වාහනයේ හැර සෙසු වාහන වල ස්ටිකර් ඉවත් කරන්නැයි පොලීසියට උපදෙස් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 9, 2020

අපේක්ෂකයාගේ වාහනයේ හැර සෙසු වාහන වල ස්ටිකර් ඉවත් කරන්නැයි පොලීසියට උපදෙස් !

පේක්ෂකයා ගමන් කරන වාහනය හැර බස්රථ, ත්‍රිරෝද රථ ඇතුළු වාහනවල අලවා ඇති අපේක්ෂක ප්‍රවර්ධන ස්ටිකර් ගලවා ඉවත් කරන්නැයි මැතිවරණ කොමිසන් සභාව පොලීසියට උපදෙස් දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ,
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් එවැනි වාහන වල පක්ෂ හා අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි, සලකුණු, ඡායාරූප ඇතුළත් ස්ටිකර්, බැනර් ප්‍රදර්ශනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබී ඇති බවයි.

තරග කරන අපේක්ෂකයා ගමන් කරන පෞද්ගලික වාහනයේ හැර වෙනත් කිසිදු වාහනයක එවැනි ආකාරයේ පෝස්ටර් හෝ බැනර් ප්‍රදර්ශනය කිරීම මැතිවරණ පනතට අනුව වරදක් බව ද මැතිවරණ කොමිසම පවසනවා.

එබැවින් එම ස්ටිකර් හා බැනර් වහාම ඉවත් කළ යුතු බව එම නිවේදනයේ සඳහන්.

එවැනි ස්ටිකර් හා බැනර් වාහන වල සවිකර ඇද්දැයි හදිසි පරීක්ෂා කිරීම් සිදුකරන ලෙසට නියෝජ්‍ය පොලිස්පතිවරු හා කොට්ඨාස භාර පොලිස් නිලධාරීන් වෙත උපදෙස් නිකුත් කර ඇති බව ද මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා පැවසුවා.


No comments:

Post a Comment

Post Bottom Ad