මාරවිල කාන්තාවගෙන් කොරෝනා සමාජගතවීමේ අවදානමක්,බස් රථ තුනක ගිහින්,එම මගීන් හදුනාගැනීම අවුලක. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 9, 2020

මාරවිල කාන්තාවගෙන් කොරෝනා සමාජගතවීමේ අවදානමක්,බස් රථ තුනක ගිහින්,එම මගීන් හදුනාගැනීම අවුලක.


කොරෝනා ආසාදිත යයි හෙලි වූ කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස කටයුතු කරන ලද මාරවිල ප්‍රදේශයේ කාන්තාව හේතුවෙන් වෛරසය සමාජගත වීමේ යම් අවදාමනමක් ඇතිවී තිබේ.

ඇය පසුගිය තුන් වෙනිදා නිවාඩු දමා තම නිවස කරා ගොස් ඇත්තේ අවස්ථාවන් කිහිපයකදීම පොදු ප්‍රවාහන සේවා බස් රථ භාවිතා කරමිනි.

පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ සිට ඇය පොළොන්නරුව බලා එහි කැබ් රථයකින් පැමිණ ඇති අතර එතැන් සිට කුරුණෑගලට බස් රථයකින් පැමිණ ඇත.

කුරුණෑගල සිට මීගමුව බලා යන බස් රථයකින් ඇය දංකොටුවට පැමිණ ඇත.

නැවතත් නාත්තන්ඩිය පැමිණ ඇත්තේ තවත් බස් රථයකිනි.

නමුත් මේ සියලු අවස්ථාවන්හි දී ඇය මුඛ ආවරණයක් පැළඳ ගෙන සිටීම හේතුවෙන් වෛරසය පැතිරයාමේ යම් සීමාවක් ඇති විය හැකි යයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කරයි.

දැනටමත් ඇයගේ සමිපතයන් 07 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කර ඇති අතර ඇය ගිය ස්ථාන කිහපයක පිරිසද ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

මෙම තැනැත්තිය ගමන් ගත් බස් රථවල ඒ මොහොතේ සිටි පුද්ගලයන් සොයා නිරෝධායනයට ලක් කිරීම දැඩි අභියෝගයක් වී ඇති බව වාර්තා වෙයි.
-lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad