මහමැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද සිට - රාජාංගණයේ තැපැල් ඡන්ද විමසීම කල් දැමේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 12, 2020

මහමැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද සිට - රාජාංගණයේ තැපැල් ඡන්ද විමසීම කල් දැමේ !

2020 මහමැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (13) සිට ආරම්භ වනවා. අද සිට ලබන 17 වැනිදා දක්වා තැපැල් ඡන්ද අයදුම් කළ ඡන්ද දායකයන්ට කාණ්ඩ කිහිපයක් යටතේ තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

ඒ අනුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යයාලවල කාර්යය මණ්ඩලවලට අද (13) උදෑසන 09.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

ඒ පිළිබඳ වැඩිදුර කරුණු දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශී‍්‍ර රත්නායක කියා සිටියේ හෙට සහ අනිද්දා මැතිවරණ දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පොලිස් දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාව හැර අනෙකුත් රාජ්‍ය ආයතනවල තැපැත් ඡන්ද සලකුණු කිරීම සිදු කරනු ලබන බවයි. 16 සහ 17 දෙදින තුළ මැතිවරණ දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පොලිස් දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාව ඡන්දය සලකුණු කරනු ඇති බවත් පෙන්වා දුන්නා. අදාළ දිනයන්හීදි තමන්ගේ කටයුතු ඉටු කරන ලෙස ඉල්ලීමක් කරන බවද සඳහන් කළා.

අදාළ දිනයන්හිදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන ඡන්ද දායකයන්ට මේ මස 20 සහ 21 යන දිනවලදී තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමට තවත් අවස්ථාවක් ලබා දී ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශී‍්‍ර රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, අනුරාධපුර රාජාංගණය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තැපැල් ඡන්ද ප‍්‍රකාශ කිරීම අද (13) දිනයේ අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

මැතිවරණ කොමිසම පැවසුවේ රාජාංගණය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad