රට තුළ පාලනය කර තිබූ කොවිඩ් වෛරසය නැවත සමාජය තුළ ව්‍යාප්ත වීමත් සමග මහ මැතිවරණය පැවැත්වීම ද අවිනිශ්චිත වී තිබෙනවා. ඇතැම් දේශපාලන පක්ෂ ප්‍රචාරක රැස්වීම් පවා අත්හිටුවා තිබේ. ඒ අතර ඇතැම් දේශපාලනඥයන් හා දේශපාලන පක්ෂ සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී, සෞඛ්‍ය බළධාරීන් විසින් හඳුන්වා දුන් සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින බවටද චෝදනා එල්ල වෙමින් තිබේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රචාරක කටයුතු සඳහා එක්ව සිටියේ මුඛ ආවරණවලට අමතරව තවත් විශේෂ උපකරණයක්ද පැළඳගෙනයි.
සම්පූර්ණ මුහුණ ආවරණය වන පරිදි පැළඳිය හැකි මෙම උපකරණය මේ වනවිට සුපිරි වෙළඳ සැල් වැනි ජනතාව බහුලව සැරිසරන ආයතනවල සේවකයන් පැළඳ සිටින අතර දේශපාලනඥයෙකු මෙවැනි ආවරණයක් පැළඳ සිටිනු දක්නට ලැබුණේ පළමු වරටයි.
Sunday, July 12, 2020

කොරෝනාවෙන් බේරෙන්න රනිල් පාවිච්චි කරන අලුත්ම ගැජට් එක - (photos)
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment