"තව තව එක අවස්ථාවක් දෙන්න රාජපක්ශ රෙජිමය වළලලා දාන්න."- රනිල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 9, 2020

"තව තව එක අවස්ථාවක් දෙන්න රාජපක්ශ රෙජිමය වළලලා දාන්න."- රනිල්


ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වීමට නම් ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය ලබා දිය යුතු යයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

තමන් ජනවරමක් යළි ඉල්ලන්නේ ජනතාවගේ අතට සල්ලි දැමීමට බවද ඔහු කියා සිටියේය.

ජනාධිපති සහ අගමැති එක පවුලකින් පත් කරගන්නවා ද නැතිනම් අතට සල්ලි දාගන්නවා දැයි ජනතාව තීරණය කළ යුතු බවද ඔහු පැවසීය.

පවතින ආණ්ඩුවට විදේශීය විනිමය ලබාගත හැකි ක්‍රම වේදයක් නොමැති බවද රාජපක්ශ රෙජිමය වලලා දැමිමට  තව එක ජනවරමකින් හැකි බව කී ඔහු එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය ලබාදුන් අගෝස්තු මස තුන් වන සතිය වන විට විදේශ විනිමය ප්‍රශ්නය නිරාකරණය කරන බවද කියා සිටියේය.

හිටපු අගමැතිවරයා මේ අදහස් පල කලේ තලපත්පිටිය ප‍්‍රදේශයේදී පැවති ජනහමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad