මීට ස්වල්ප වේලාවකට පෙර මීගහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කරන ලද වැටළීමකදී කොළඹ අපරාධ කොට්ඨාශයෙහි සැරයන්වරයකුට සම්බන්ධ නිවසක බෆල් දෙකක් තුළ අසුරා තිබුණු හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 28ක් අත් අඩංගුවට ගෙන තිබේ.
මනෝජ් රුවන් බණ්ඩාර නමැති මෙම සැකකාර සැරයන්වරයා මොණරාගල පදිංචිකරුවකු බව සඳහන්. මත්ද්‍රව්‍ය සඟවා තිබී ඇත්තේ ඔහුගේ වැඩිමහල් සහෝදරයාගේ නිවසේ වන අතර මත්ද්‍රව්‍ය තොගය සමඟ ඔහුව ද අත් අඩංගුවට ගෙන ඇත.
මෙම සැරයන්වරයා කලක පටන් මත්කුඩු ජාවාරම කරගෙන ගොස් ඇති අතර ඔහු ඒවා ඊසි කෑෂ් ක්‍රමය භාවිතා කරමින් අලෙවි කර ඇති බව සඳහන්. කලක් තිස්සේම ඔහුගේ බැංකු ගිණුම් සහ මුදල් ගනුදෙනු පිළිබඳ පරීක්ෂාවෙන් සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමකට ඒ අනුව ඔහුගේ ජාවාරම අනාවරණය කරගැනීමට හැකිවී ඇත.
බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මොහු පිළිබඳ විමර්ශනය සිදුකර තිබේ.
පසුගිය මාස කිහිපය පුරාවටම හෙළි වී ඇති කරුණු අනුව මේ වනවිට ඉතාම පැහැදිලිව පෙනෙන්නේ පාතාලයට මුවා වෙමින්, පාතාලය පෙන්වමින් ශ්‍රී ලංකාවේ මත්කුඩු ජාවාරම සම්පූර්ණයෙන්ම පාහේ නතු කරගෙන සිට ඇත්තේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේම පුද්ගලයින් විසින් බවකි.
හුදී ජනයින් වන අපට අසන්නට ඇත්තේ වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කියාය.
-lankanewsweb
Wednesday, September 2, 2020
CCD සාජන්වරයෙක් කුඩු කිලෝ 28ක් සමග මාට්ටු !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment