ආනවිලුන්දාව වැනසූ ඇමති සහෝදරයාගේ ගෙදරින් කසිප්පු තොගයක් අත්අඩංගුවට ගනී.. සැකකරු පලා ගොස් සැගවෙයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 13, 2020

ආනවිලුන්දාව වැනසූ ඇමති සහෝදරයාගේ ගෙදරින් කසිප්පු තොගයක් අත්අඩංගුවට ගනී.. සැකකරු පලා ගොස් සැගවෙයි !

රච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාගේ නිවස පසුපස තිබියදී නීති විරෝධී මත්පැන් බෝතල් තොගයක් සොයාගෙන තිබේ.

ඔහුගේ නිවසක් පිටුපස සදහා තිබියදී නීති විරෝධී මත්පැන් බෝතල් 20ක් සොයාගත් බව හලාවත කොට්ඨාස දූෂණ මර්දන ඒකකය සඳහන් කරයි.

මත්පැන් තොගය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැති බවද අරච්චිකට්ටුව පොලිසිය සඳහන් කරයි.

මෙම හිටපු සභාපතිවරයා ආනවිලුන්දාව කුරුළු අභය භූමිය හෙලිපෙහෙලි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් පරීක්ෂණ කරන බවත් ඔහු ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටින බවත් පොලිසිය පවසයි.

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ජගත් සමන්තගේ රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ සොහොයුරාය.


No comments:

Post a Comment

Post Bottom Ad