පාස්කු ප්‍රහාරයෙන් ඇඟ බේරගන්න මෛත්‍රි ගහපු ගේම කොමිසමේදී හෙළිවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 19, 2020

පාස්කු ප්‍රහාරයෙන් ඇඟ බේරගන්න මෛත්‍රි ගහපු ගේම කොමිසමේදී හෙළිවෙයි

අප‌්‍රේල් 21 සිදුවූ පාස්කු ප්‍රහාරයේ වගකීම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට බාරගන්නා ලෙස කියමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලපෑම් එල්ල කොට ඇති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසමේදී අනාවරණය වී තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මේ බව පවසා ඇත.

ප්‍රහාරයේ වගකීම බාරගන්නේ නම් විශ්‍රාම වැටුප ඇතුළු සියලු වරප්‍රසාද පමණක් නොව විශ්‍රාම යාමෙන් පසු කැමැති රටක තානාපති ධූරයක් ලබා දිය හැකි බවද මෛත්‍රිපාල සිරසේන මහතා ජයසුන්දර මහතා වෙත ප්‍රකාශ කළ බව හේමසිරි ප්‍රනාන්දු මහතා අනාවරණය කොට තිබේ.

සිරිසේන මහතාගේ මෙම යෝජනාවෙන් පසු පූජිත් ජයසුන්දර මහතා තමන් හමුවීමට පැමිණ මේ සම්බන්ධයෙන් උපදෙස් පැතූ බවක්ද ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ අනාවරණය කර ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad