මිනුවන්ගොඩ විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් පොහොට්ටුවට නිතරග ජයක් හිමිවේ. ප්‍රාදේශීක 67කට පෙහොට්ටුවේ නියෝජිතයන් සියදෙනෙකු මෙලෙස නිතරගයෙන් පත්විය.
මිනුවන්ගොඩ විවිධ සේවා සමූපකාර සමිතියේ ප්‍රාදේශීක 67ක් සඳහා නියෝජිතයන් තෝරා ගැනීම සඳහා වූ නිලවරණයට අඳාල නාමයෝජනා භාරගැනීම අද (19) උදෑසන මිනුවන්ගොඩ ප්‍රාදේශීක 67කදී සිදුවිය.
මේ සඳහා නාමයෝජනා ඉදිරිපත් කලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණි. ජාතික සමගි ජන බලවේගය හෝ වෙනත් කිසිඳු පක්ෂයක් මේ සඳහා නාමයෝජනා ඉදිරිපත් කර නොතිබුණු අතර ඒ අනුව එම සියළුම ප්‍රාදේශීක සඳහා පොහොට්ටුවේ නියෝජිතයන් නිතරගයෙන් පත්වූහ.
මේ සම්බන්ධයෙන් අදහස් පලකල ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කලේ මෙම සමූපකාර නිලවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දුන් සියළුම දෙනාට සිය විශේෂ ස්තූතිය පිරිනමන බවයි.
කොරෝනා වසංගතය හේතුවෙන් රටම වසා දමා තැබූ කාලයේදී විවිධ සේවා සමූපකාර සමිති හරහා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සැපයීමේ ක්‍රියාවලිය නිසිලෙස ක්‍රියාත්මක කිරීමට හැකිවූ බවත් නව පාලනය යටතේ මිනුවන්ගොඩ පාරිභෝගික ජනතාවට ලබාදෙන සේවය වඩාත් පුළුල්ව ලබා දීමට ඔවුන් මෙහෙයවන බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

No comments:
Post a Comment