මෛත්‍රී පාස්කු ප්‍රහාරයේ සියලු කරුණු කොමිසම හමුවේ කියන්න යයි - විගස පුවත් - Vigasapuwath

Sunday, September 20, 2020

මෛත්‍රී පාස්කු ප්‍රහාරයේ සියලු කරුණු කොමිසම හමුවේ කියන්න යයි

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හමුවේ කර ඇති ප්‍රකාශ හා කරුණු සම්පුර්ණයෙන්ම අසත්‍ය, ද්වේශසහගත කරුණු වන බවත්, ඒවා ප්‍රතික්ෂේප කරන බවත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.

ඒ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව කියා සිටී.

එසේම යම් ඉදිරි දිනකදි හිටපු ජනාධිපතිවරයාට කොමිසම හමුවට පැමිණිමට අවස්ථාවක් ලැබුනහොත් අදාල සියළු ප්‍රකාශ සම්බන්ධව සත්‍ය වු කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ. 

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *