ලංකාවේ කොරෝනා 03 වන මට්ටමේ.. සෞඛ්‍ය උපදෙස් පාසැල් වහන්නයි.. නමුත් පාසැල් විවෘතයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 27, 2020

ලංකාවේ කොරෝනා 03 වන මට්ටමේ.. සෞඛ්‍ය උපදෙස් පාසැල් වහන්නයි.. නමුත් පාසැල් විවෘතයි

ශ්‍රී ලංකාව තුළ කොරෝනා ව්‍යාප්තිය තෙවන මට්ටමේ පවතින බව කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් සඳහන් කර තිබියදී පාසැල් විවෘත කලේ කෙසේදැයි ලංකා ගුරු සංගමය ප්‍රශ්න කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කොරෝනා 03 වන මට්ටමේ පැතිරීමකදී පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමිය යුතු බවත් පැහැදිලිව සඳහන්ව ඇතැයි ද එම සංගමය පෙන්වා දෙයි.

සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ එවන් තත්ත්වයක් යටතේ පාසල් විවෘත කිරීමට අවසර දුන්නේ කෙසේදැයි කොරෝනා පැතිරීම වැළැක්වීම සදහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැහැදිලි කළ යුතු බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad