ලාංකිකයන් 3,000කට වැඩි ගණනකට කොරෝනා – විදෙස්ගත ලාංකිකයන් දැඩි පිඩාවක - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 27, 2020

ලාංකිකයන් 3,000කට වැඩි ගණනකට කොරෝනා – විදෙස්ගත ලාංකිකයන් දැඩි පිඩාවක

මැද පෙරදිග රටවල් දාහතරක සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් තුන්දහසකට අධික පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ඒ රටවලදී ශ්‍රී ලාංකිකයන් හැත්තෑවකට වැඩි පිරිසක් මේ වන විට මියගොස් ඇති බව වාර්තා වනවා.

මෙම රටවල් දහහතරෙහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල හා කොන්සියුලර් කාර්යාල මඟින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට නිල වශයෙන් මෙම තොරතුරු වාර්තා කර තිබෙනවා.

මේ අතර ඒ රටවලදී කොරෝනා ආසාදිතව සිටි තවත් දෙදහස් හත්සියයක පමණ පිරිසක් මේ වන විට සුවය ලබා ඇතැයිද වාර්තාවල සඳහන් වනවා.


No comments:

Post a Comment

Post Bottom Ad