වට්ටක්කයා අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 13, 2020

වට්ටක්කයා අත්අඩංගුවට


හලාවත ඇතුළු ප්‍රදේශ ගණනාවක මංකොල්ලකෑම් සහ මරාන්තික පහරදීම් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව කට්ටි පනිමින් සිටි 'වට්ටක්කයා' නොහොත් වඳුරාවලගේ නිපුන් අසිත් යන අය ඊයේ (12දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය පවසයි.

සැකකරු හලාවත, ජයබිම දෙවන පටුමගේ පදිංචිකරුවෙකි.

පැමිණිලි ගණනාවක් සම්බන්ධයෙන් සැකකරු අවශ්‍යව සිට ඇති අතර අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 700ක් ද සොයාගෙන ගෙන ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad