අද මධ්‍යම රාත්‍රියෙන් පසු බස්නාහිරෙන් පිටවෙන්න පුළුවන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 15, 2020

අද මධ්‍යම රාත්‍රියෙන් පසු බස්නාහිරෙන් පිටවෙන්න පුළුවන්

අද මධ්‍යම රාත්‍රී 12.00න් පසුව බස්නාහිර පළාතෙන් ඕනෑම පුද්ගලයෙකුට පිටවීමට අවස්ථාව හිමිවන බව පොලීසිය පවසයි. අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ පසුගිය බ්‍රහස්පතින්දා දින බස්නාහිර පළාතෙන් පිටවීමට පැනවූ තහනම් නියෝගය තවත් පැය කිහිපයකින් අවසන් වන බවයි.

මේ අතර පොලිස් වසම් 18කට මේ වන විට හුදෙකලා කර ඇති අතර, එම ප්‍රදේශ වලට තවත් පොලිස් බල ප්‍රදේශ 6ක් එකතු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම පොලිස් බල ප්‍රදේශ වන්නේ මරදාන, කොම්පඤ්ඤවීදිය, කොටුව, පිටකොටුව, වේල්ලවීදිය සහ කැළණියයි.

එම පොලිස් බල ප්‍රදේශවලට හෙට (16) අළුයම 5.00 සිට හුදෙකලා කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

එම ප්‍රදේශ හරහා ගමන් කරන මගී ජනතාවට ගැටලුවක් නොමැති බවත්, වෙනත් ප්‍රදේශයක සිට පැමිණෙන පුද්ගලයෙකුට පිටකොටුව ප්‍රදේශය හරහා බස් රථයකින් හෝ දුම්රියකින් වෙනත් ගමනාන්තයක් වෙත ගමන් කළ හැකි වේ.

කෙසේ වෙතත් කොළඹ නගරයට පැමිණෙන සහ කොළඹ නගරයෙන් පිටත්වයන පොදු ප්‍රවාහන සේවා, පෞද්ගලික ප්‍රවාහන සේවා හුදකලා කරන ලද පොලිස් බලප්‍රදේශවල කිසිදු ආකාරයකින් නැවැත්විය නොහැකි බව අජිත් රෝහණ මහතා සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad