පොදු අපේක්ෂකයන්ට මින් මතු ඉඩ නැහැ - සජිත්ගේ යෝජනාවට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 2, 2021

පොදු අපේක්ෂකයන්ට මින් මතු ඉඩ නැහැ - සජිත්ගේ යෝජනාවට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය

මගි ජන බලවේගය තුළ පොදු අපේක්ෂකයන්ට අවස්ථාවක් නොදිය යුතු බවට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ පළමු කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අමතා යෝජනාවක් ඉදිරිපත් කොට තිබේ. එම යෝජනාවට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතියද ලැබුණු බව ආරංචි මාර්ග සඳහන් කරයි.

පොදු අපේක්ෂකයන් පිටින් පක්ෂයට ගෙන ඒම පිළිබඳව පාඩම් ඉගෙන ගෙන ඇති බැවින් මින් ඉදිරියට පිටින් ගෙන එන පොදු අපේක්ෂකයන්ට සහයෝගය නොදිය යුතු බවත් පක්ෂය මුල්කරගත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට මහා සන්ධානයක් බවට පත්කර ගත යුතු බව ද සජිත් ප්‍රේමදාස මහතා එහිදී ප්‍රකාශ කොට තිබේ.

මීළඟ ජනාධිපතිවරණයේදී පාඨලී චම්පික රණවක මහතා සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානයක පොදු අපේක්ෂකයා වනු ඇති බවත් රණවක මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කොට තිබෙන 43 සේනාංකය එහි එක් පියවරක් බවට රාවයක්ද පැතිරෙමින් තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad