දේවානි සමග ඇමති තොගයක් එලිපිට ගැටේ.. අපරාධකරුවෙකුට අවසර දෙන්න බෑ..-දේවානි :: අපිත් ඔක්සිජන් දන්නවා..- ප‍්‍රසන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 30, 2021

දේවානි සමග ඇමති තොගයක් එලිපිට ගැටේ.. අපරාධකරුවෙකුට අවසර දෙන්න බෑ..-දේවානි :: අපිත් ඔක්සිජන් දන්නවා..- ප‍්‍රසන්න

ම්පහ දිසා අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක සහ අමාත්‍වරුන් පිරිසක් අතර අද දිනයේ ද උණුසුම් සංවාදයක් ඇතිවිය.

ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති අවස්ථාවේ මෙම තත්ත්වය ඇතිවිය.

රාජ්‍ය ඇමති නිමල් ලංසා, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ අඩවි වන නිලධාරිනිය අතර මතභේදාත්මක තත්වය ඇති වූයේ කලපු ව්‍යාපෘතියක පස් ඉවත් කිරීමක් සම්බන්ධයෙනි.

දේවානි ජයතිලක මහත්මිය සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය පෙර වන අපරාධකරුවකුටම ලබාදීම සදහා තමනට අනුමැතිය දිය නොහැකි බවයි.

රාජ්‍ය නිලධාරීන් වන තමන්ට මේ සඳහා පීඩනය එල්ල නොකර අදාළ අංශ හරහා කඩොලාන පද්ධතියේ පුරවන ලද පස් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසද ඇය ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටියාය.

කෙසේ වෙතත් මෙහිදී ඇමතිවරුන් සහ ඇය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.


No comments:

Post a Comment

Post Bottom Ad