ජනාධිපති පත් කල ජනතාවගේ බලාපොරොත්තු ඉටු වන්නේ නෑ.. ජනාධිපතිට විරුද්ද කණ්ඩායමක් ආණ්ඩුවේම ඉන්නවා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 30, 2021

ජනාධිපති පත් කල ජනතාවගේ බලාපොරොත්තු ඉටු වන්නේ නෑ.. ජනාධිපතිට විරුද්ද කණ්ඩායමක් ආණ්ඩුවේම ඉන්නවා..

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා බලාපොරොත්තු වන දේවල් ඉටු කිරීමට ඉඩ නොදෙන පිරිසක් ආණ්ඩුව තුලම සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.

එසේ අකුල් හෙලන බාධා කරන තමන්ගේම පිරිසට එරෙහිව පියවර ගත යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.

ගාල්ලේ හපුගලදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

ජනාධිපති ගැන විශ්වාසය තැබූ ජනතාව බලාපොරොත්තු වන සියල්ල මේ රටේ ඉටු වන්නේ නැතැයි පැහැදිලිව පිළිගත යුතුව ඇතැයිද පැවසූ ඔහු ඒවා ඉටු කරන්න නොදෙන කණ්ඩායමක් ආණ්ඩුව තුළ සිටින බවද රහසක් නොවේ යැයි පැවසීය.

වන විනාශය නැති කිරීමට ජනාධිපතිතුමන් උපරිම උත්සාහ දරන බවද ඔහු තව දුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad