ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් යනවාද?- අමරවීර පහදයි - විගස පුවත් - Vigasapuwath

Tuesday, March 2, 2021

ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් යනවාද?- අමරවීර පහදයි

පාස්කු ප‍්‍රහාරය පිළිබඳ වාර්තාව පදනම් කරගෙන ආණ්ඩුවෙන් ඉවත් වීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට වුවමනාවක් නොමැති නමුත් දේශපාලනික වශයෙන් පක්‍ෂයට ඇතිවී තිබෙන ගැටලූවලට ආණ්ඩුවෙන් විසඳුම් අපේක්‍ෂාවෙන් සිටින බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

ආණ්ඩුව බිහිකරන්න සිය පක්‍ෂය විශාල කැපවීමක් කළ බවත් එහෙත් මේ වනවිට ආණ්ඩුව තුළ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන්ට සහ සංවිධායකවරුන්ට වැඩ කිරීමේදී විවිධ ගැටලූවලට මුහුණ දීමට සිදුවී තිබෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ඒ පිළිබඳව පක්‍ෂය විසින් ජනාධිපතිවරයා අගමැතිවරයා සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා ද සමග සාකච්ඡ කළ නමුත් මෙතෙක් විසඳුමක් ලැබී නොමැති බවත් ඇමැතිවරයා කීවේය.

නිදහස් පක්‍ෂය ලොකු කැපවීමක් කර හදාගත්තු ආණ්ඩුව බිඳවට්ටන්න පක්‍ෂයට කිසිම වුවමනාවක් නොමැති බවත් මේ මොහොතේ එල්ලවන ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් ආණ්ඩුව ආරක්‍ෂා කිරීමට කැපවෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය

අරුණ බෝගහවත්ත
– divaina


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *