"මම ඇමතිකම් දරද්දි වැරදි මිනිස්සු ලං කරගත්තේ නැහැ" - රොනී ද මැල්, රනිල්ගේ මූණටම කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 13, 2021

"මම ඇමතිකම් දරද්දි වැරදි මිනිස්සු ලං කරගත්තේ නැහැ" - රොනී ද මැල්, රනිල්ගේ මූණටම කියයි

යහපාලන ආණ්ඩුව විනාශ වුණේ එහි සිටි ඇතැම් ඇමැතිවරු වැරදි පුද්ගලයන්ව ළං කර ගත් නිසා බව පූජ්‍ය පැල්පොල විපස්සි හිමියන් එම ආණ්ඩුවේ සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මුහුණටම ප්‍රකාශ කොට තිබේ. හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රොනී ද මැල් මහතාගේ 96 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඒ මහතාගේ නිවසේ පැවති උත්සවය අමතා කළ අනුශාසනාවේදී උන්වහන්සේ මේ බැව් සඳහන් කොට තිබේ.

ඉතා සීමිත ආරාධිතයින් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති එම අවස්ථාවට රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වී සිටි අතර උන් වහන්සේගේ මෙම කථාව අසා සිටි රොනී ද මැල් මහතා පෙරළා ප්‍රකාශ කොට තිබෙන්නේ "මම ඇමතිකම් දරද්දී කවදාක්වත් ඔය වගේ මිනිස්සු ලං කරගත්තේ නැහැ" කියාය.

ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා රනිල් වික්‍රමසිංහ මහතා නිහඩව සිටි බව එම අවස්ථාවට සහභාගි වූ අමුත්තෙක් ඒෂියන් මිරර් වෙත සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad