"ඔබතුමා ජාතික වස්තුවක්, මන්ත්‍රීකම බාර ගන්න" - හිමිනම රනිල්ගෙන් ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 13, 2021

"ඔබතුමා ජාතික වස්තුවක්, මන්ත්‍රීකම බාර ගන්න" - හිමිනම රනිල්ගෙන් ඉල්ලයි

"ඔබතුමා ජාතික වස්තුවක්. අත්දැකීම් තියෙන පරිණත දේශපාලනඥයෙක්. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදුස්සා ඔබතුමායි. ඒ නිසා ඒ මන්ත්‍රී ධූරයට ඔබතුමා පාර්ලිමේන්තුවට එන්න." යයි පවසමින් පූජ්‍ය පැල්පොල විපස්සි හිමියන් එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය භාරගන්නා ලෙස නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කොට තිබේ.

මෙම ආරාධනය කොට තිබෙන්නේ හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රොනී ද මැල් මහතාගේ 96 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පැවැති උත්සවය අමතමිනි.

රොනී ද මැල් මහතාගේ කොළඹ විශ්වවිද්‍යාලය ආසන්නයේ පිහිටි නිවසේදී පැවති මෙම උත්සවය අමතා පැල්පොල විපස්සි හිමියන් අනුශාසනාවක් කොට තිබෙන අතර එහිදී ඒ අවස්ථාවට සහභාගි වී සිටී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අමතා මෙම ඉල්ලීම කොට තිබේ.

රොනී ද මැල් මහතා 1977 බලයට පත් ජේ.ආර්. ජයවර්ධන රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස අඛණ්ඩව අයවැය 11 ක් ඉදිරිපත් කළ අතර විවෘත ආර්ථිකය මෙරට හඳුන්වා දීමට පුරෝගාමී වූ මුදල් අමාත්‍යවරයාද වෙයි.

රොනී ද මැල් මහතාගේ 96 වැනි උපන් දිනය නිමිත්තෙන් ඉතා සීමිත පිරිසකට පමණක් ආරාධනා කර තිබූ මෙම උත්සවයේදී 96 වැනි වියේ පසුවුවද රොනී ද මැල් මහතාගේ කල්පනා ශක්තිය ඉතා හොඳින් තිබෙන බව එම උත්සවයට සහභාගි වූ එක් ආරාධිතයෙකු ඒෂියන් මිරර් වෙත සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad