ඔටුනු පැමිණිල්ලට පුෂ්පිකා ඩිෆෙන්ඩර් වටකරගෙන පොලිසියට ආවේ ඇයි - හරින්ගේ හෙලිදරව්ව - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 13, 2021

ඔටුනු පැමිණිල්ලට පුෂ්පිකා ඩිෆෙන්ඩර් වටකරගෙන පොලිසියට ආවේ ඇයි - හරින්ගේ හෙලිදරව්ව

විවාහක රූ රැජින තරගය පිටුපස දේශපාලනයක් තිබෙන බව හරින් ප්‍රනාන්දු සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරයා හෙළිදරව් කරයි. විවාහක රූ රැජින තරගයේ දී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා කළ පැමිණිල්ල සඳහා ඇය කුරුඳුවත්ත පොලිසියට ඩිෆෙන්ඩර් රථ හා ආරක්ෂකයින් පිරිවරාගෙන පැමිණියේ දේශපාලන හයිය නිසා බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

පොළොන්නරුවෙන් දේශපාලනය කිරීමේ අරමුණ ඇතිව කටයුතු කරන පුෂ්පිකා ද සිල්වා ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂය මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් වේදිකාවල කතා කළ බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා එම වේදිකා වල ඇය කිවූ කිසි දෙයක් කිසිවකුටත් නොතේරුණ බවත් පිරිස ඇගේ මුහුණ බලලා ඡන්දය දුන් බවද සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සම්බන්ධයෙන් ලෝකේ මුලින්ම ප්‍රසිද්ධ වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලෝකයේ ප්‍රථම අගමැතිනිය වීම නිසා බව සඳහන් කරන මන්ත්‍රීවරයා අද මෙරට කාන්තාවන් ලෝකයේ ප්‍රසිද්ධ වන්නේ මෙවැනි ඔටුනු ගැලවීම නිසා බවද අවධාරණය කරයි.

විවාහක රූ රැජින තරඟයේ දී පුෂ්පිකා ද සිල්වාගේ සිය ජයග්‍රාහී කිරුළ ගැලවූ විවාහක ලෝක රූ රැජින කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍රට එරෙහිව කුරුදුවත්ත පොලිසියට පැමිණිල්ලක් කොට තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad