වියත්මග කියමින් බලයට ආවේ දේශපාලන වශයෙන් සදාචාරාත්මක පිරිසක් යැයි සිතු නමුත් බලයට ආවේ කසිප්පුකාරයන් සහ ගංජාකාරයන් යයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කළාය. වත්මන් ආණ්ඩුව ජනතාව වෙනුවෙන් කිසි වගකීමක් නැති ආණ්ඩුවක් බවත් ඇතැම් ඇමතිවරුන් කසිප්පු නීතිගත කරන්නැයි ඉල්ලා සිටින බවත් ඇය පැවසුවාය.
ඇය මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
අද වන විට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සඳහා මාධ්‍ය කැඳවීම ද තහනම් කර ඇති බවද පැවසූ ඇය එම කමිටුවල සිදුවන සාකච්ඡාවන් ගැන ජනතාව දැනුවත් විය යුතු බවද තව දුරටත් එහිදී කියා සිටියාය.

No comments:
Post a Comment