රටේ ආර්ථිකය මෝඩයන්ට බාරදී විසඳුම් හොයන්න එපා: හිටපු විගණකාධිපති කරපු ආන්දෝලනාත්මක කතාව - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 16, 2021

රටේ ආර්ථිකය මෝඩයන්ට බාරදී විසඳුම් හොයන්න එපා: හිටපු විගණකාධිපති කරපු ආන්දෝලනාත්මක කතාව - (video)

අද රාජ්‍ය දේපොළ පාරේ වැටී ඇති මුදල් පසුම්බියක් මෙන් ඔ්නෑම කෙනෙකුට අහුලා ගත හැකි බවත්, රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විද්වතුන් මැදිහත් විය යුතු බවත්, එය මෝඩයන්ට බාරදී විසදාගත හැකි එකක් නොවන බවත් විගණන සේවා කොමිසන් සභාවේ හිටපු සභාපති ගාමිණී විජේසිංහමහතා පැවසීය.

රටේ දිනක ආදායම බිලියන 5ක් බවත්, දිනක වියදම බිලියන 7ක් බවත් පෙන්වා දුන් ඒ මහතා මෙය බරපතළ ගැටලුවක් බවද කියා සිටියේය.

අයවැය යනු මේ රටේ විශාලම බොරුව බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මීට කලකට ඉහතදී ගාමිණී විජේසිංහ මහතා කළ මෙම ප්‍රකාශය මේ දිනවල සමාජ මාධ්‍යවල වේගයෙන් සැරිසරන ආකාරයක් දැකගත හැක.

No comments:

Post a Comment

Post Bottom Ad