පොහොට්ටු මන්ත‍්‍රීන් දෙදෙනෙකු ලේකම්ට එලව එලවා පහර දෙයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 8, 2021

පොහොට්ටු මන්ත‍්‍රීන් දෙදෙනෙකු ලේකම්ට එලව එලවා පහර දෙයි - (video)

කිරිබත්ගොඩ වෙළඳ සංගමයේ ලේකම් සිරිල් පතිරණ මහතාට කිරිබත්ගොඩ ගාල හන්දිය අසල අවන්හලකදී පහරදීමක් සිදුවී තිබේ.

කැලණිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු 06 දෙනෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇත.

මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් කැලණිය ප‍්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කර තිබේ.

පහරදීමට සම්බන්ධ අනෙක් මෙතෙක් අත්අඩංගුවට නැතැයි සංගමය චෝදනා කරයි.

කිරිබත්ගොඩ වෙළද සංගමය සභාපති විජිත රෝහණ විජේමුණි මහතා පෙන්වා දෙන්නේ කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් අධිකරණය නොමග යවා සැකකරුවන්ට ඇප ලබාදී ඇති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad