මිනිස්සු හැමෝම ඉන්නේ පටි තද කරගෙන... ඇත්තටම ඇමතිතුමා මේක වාහන ගෙන්නන වෙලාවක් ද? - මන්ත්‍රීවරුන්ට සැප වාහන ගෙන්වීම ගැන ඇසූ විට රජයේ නියෝජිතයින් කී දේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 25, 2021

මිනිස්සු හැමෝම ඉන්නේ පටි තද කරගෙන... ඇත්තටම ඇමතිතුමා මේක වාහන ගෙන්නන වෙලාවක් ද? - මන්ත්‍රීවරුන්ට සැප වාහන ගෙන්වීම ගැන ඇසූ විට රජයේ නියෝජිතයින් කී දේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් තමන් ඇතුළු මන්ත්‍රීවරුන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ඊයේ (මැයි 25) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඒ අනුව මෙම තත්ත්වය යටතේ වාහන ආනයනය කිරීමක් සිදු නොවන බව එහි සඳහන් කර ඇති බවත් ය.

මාධ්‍යවේදියා: ඇමති තුමනි දැන් මේ කොවිඩ් හමුවේ මෙච්චර ප්‍රශ්න ගොඩක් තියෙනවා. මිනිස්සු හැමෝ ම ඉන්නේ පටි තද කරගෙන. ඒ අතර තුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාට බිලියන ගණනක් වියදම් කරලා වාහන ගෙන්නන්න තීරණයක් ආවා. ඇත්තට ම ඇමතිතුමා මේක වාහන ගෙන්නන වෙලාවක් ද?

No comments:

Post a Comment

Post Bottom Ad