‘ඉන්ධන මිල ඉහළ දාමු කියලා මහබැංකුව යෝජනා කරනවා’- අජිත් නිවාඞ් කබ්රාල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 23, 2021

‘ඉන්ධන මිල ඉහළ දාමු කියලා මහබැංකුව යෝජනා කරනවා’- අජිත් නිවාඞ් කබ්රාල්

ලෝක වෙළදපොලේ මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මෙරට ඉන්ධන මිල ඉහළ දැමිය යුතු යැයි මහබැංකුව අවධාරණය කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි. මහබැංකු අධිපතිවරයා ඇතුළුව මහබැංකු නියෝජිතයන් පිරිසක් ඊයේ දිනයේ දී අග‍්‍රාමාත්‍යවරයා හමු වී කළ සාකච්ඡුාවේ දී මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

අදාල සාකච්ඡුාවේ දී රුපියල ස්ථාවරව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ දමන ලෙස මහ බැංකුව කළ ඉල්ලීමට අදාල රජයේ ප‍්‍රතිචාරය නුදුරේ දී ප‍්‍රකාශ කරන බවද අමාත්‍යවරයා පවසයි.

-headlinenews

No comments:

Post a Comment

Post Bottom Ad