ලොක්ඩවුන් අස්සේ අලි සබ්‍රි නීතිවිරෝධී වැඩක් කරලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 23, 2021

ලොක්ඩවුන් අස්සේ අලි සබ්‍රි නීතිවිරෝධී වැඩක් කරලා!

සංචරණ නීති පනවා තිබියදී පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා විසින් විවිධ පුද්ගලයන්ට ගමන් බිමන් යාම සදහා සිය අස්සන යොදා අවසර පත් නිකුත් කොට ඇති බව පැවසේ.

මෙම අවසර පත්‍රයේ පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නම මෙන්ම ජංගම දුරකතන අංකයද ඇති බව සදහන්ය.

එමෙන්ම ඇතැම් පුද්ගලයන් මෙම අවසර පත් උපයෝගී කොටගෙන පුත්තලමේ සිට වව්නියාව දක්වා ගොස් ඇති බවද දැනගන්නට තිබේ.

සාමාන්‍යයෙන් මෙවැනි අවසර පත් නිකුත් කිරීමට බලතල ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට හෝ දිස්ත්‍රික් ලේකම්වරුන්ට පමණි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් මේ වනවිට ‌විශේෂ පරීක්ෂණයක් ආරම්භ වී ඇති බවද දැනගන්නට තිබේ.

අලි සබ්‍රි රහීම් යනු රිෂාඩ් බදුර්දීන් මහතාගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරයකු වුවත් වරාය නගර පනතට සහාය දක්වා ජන්දය භාවිත කිරීම හේතුවෙන් මේ වනවිට ඒ මහතාගේ පක්ෂ නායකත්වය අත්හිටුවීමට එම පක්ෂය කටයුතු කොට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad