රටට විපත්තියක් වෙච්ච වෙලාවේ බැසිල් මහත්තයා රටින් ගිය එක කණගාටුයි... කලිනුත් එහෙම කළා - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 24, 2021

රටට විපත්තියක් වෙච්ච වෙලාවේ බැසිල් මහත්තයා රටින් ගිය එක කණගාටුයි... කලිනුත් එහෙම කළා - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කරන බැසිල් රාජපක්ෂ මහතා රටට විපත්තියක් සිදු වූ වෙලාවේ රටින් බැහැරට යාම කණගාටුදායක බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. පෞද්ගලික කාරණාවකට යාම හේතුවෙන් එයට බලපෑම් කල නොහැකි වුවත් රටේ තත්වය මත එය නොකළ යුතු ක්‍රියාවක් බව උන්වහන්සේ සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ බුද්ධික පතිරණ වැනි මන්ත්‍රීවරුන් ජනතාවට ලබා දී අවසන් වන තෙක් එන්නත් ලබා නොගන්නා බව පවසා ඇති බවත් එය අගය කලයුතු බවත් උන්වහන්සේ පැවසීය.

මීට පෙරද රටේ මෙවැනි තත්වයක් ඇති වූ විට බැසිල් රාජපක්ෂ මහතා රටින් පිට වූ බව මතක කල මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේ තම වැඩකටයුතු සම්බන්ධයෙන් නැවත සිතා බලා කටයුතු කළයුතු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad