කොරෝනා ආසාදිත වූ බවට තහවුරු වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආශ්‍රිතයින් වන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරු නිවෙස් නිරෝධායනයට යොමු කර තිබේ.
විපක්ෂ නායකවරයාට ආශ්‍රිත වී ඇති හෙයින් සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා එම මන්ත්‍රීවරුන් දෙදෙනාටත් තවත් මන්ත්‍රිවරුන් කීප දෙනෙකුටත් දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තුවේ සීසීටීවී කැමරා පද්ධති පරික්ෂා කිරීමේදී මෙම මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස මහතාට ආශ්‍රිත වී ඇතැයි හඳුනා ගෙන තිබේ.
ප්‍රේමදාස මහතාට සමීප වූ පාර්ලිමේන්තු සේවකයන් සොයා ගැනීමට ද සිසිටිවි කැමරා පරික්ෂා කිරීමට නියමිතය.

No comments:
Post a Comment