සංචරණ සීමා සැලසුමේ වෙනසක් නැහැ - යුද හමුදාපති කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 23, 2021

සංචරණ සීමා සැලසුමේ වෙනසක් නැහැ - යුද හමුදාපති කියයි

සංචරණ සීමා සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ අනුව මැයි 25වනදා අළුයම 04ට සංචරණ සීමා ඉවත් කර යලි එදින රාත්‍රී 11 සිට 28වනදා අළුයම 04 දක්වා දිවයින පුරා සංචරණ සීමා  ක්‍රීයාත්මක කිරීමේ තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

මේ අතර ලබන මැයි මස 29 සහ 30 වෙනිදා යන දිනයන්හි සංචරණ සිමා පැනවීම සම්බන්ධයෙන් තීරණය මැයි මස 27 වෙනිදා තීරණය කරනු ලබන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කලේ.

No comments:

Post a Comment

Post Bottom Ad