මෙරට කොරෝනා සීඝ‍්‍ර වර්ධනයක්.. සති තුනකින් අති බිහිසුන් තත්වයක්…- IDH රෝහල් ප‍්‍රධානී කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 19, 2021

මෙරට කොරෝනා සීඝ‍්‍ර වර්ධනයක්.. සති තුනකින් අති බිහිසුන් තත්වයක්…- IDH රෝහල් ප‍්‍රධානී කියයි

නිසි පියවර නොගතහොත් තවත් සති තුන හතරකින් අති භයානක තත්ත්වයක් මෙරට ඇතිවිය හැකි යැයි කොළඹ අයි ඩී එච් රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

ඒ නිසා සියලු දෙනාම එක්ව කොරෝනා පාලනය කිරීමට කටයුතු කළ යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

වෛරසය ලංකාව තුළ තවදුරටත් වේගයෙන් ව්‍යාප්ත වීමේ හැකියාවක් ඇති බවත් එය පාලනය කිරීමට ගත හැකි සියලු පියවර ගත යුතු බවත් ඔහු කියා සිටියි.

අද ගත යුතු පියවර අදම නොගතහොත් ලංකාව භයානක තත්වයකට පත්වනු ඇතැයිද ඒ මහතා තව දුරටත් අනතුරු අගවයි.

No comments:

Post a Comment

Post Bottom Ad