පසුගියදා අනපේක්ෂිත ලෙස ස්වර්ණවාහිනියෙන් ඉවතට විසි වූ ප්‍රවීණ මාධ්‍යවේදී නදීක කරුණානායක තමාට ස්වරස්වර්ණවාහිනිය අහිමි වීමට හේතුව ප්‍රකාශ කර තිබෙනවා. සිය නිල ෆේස්බුක් ගිණුම හරහා ඔහු මේ බව සදහන් කර සිටියා.
උපුටාගැනීම
වසර 17ක් තිස්සේ ප්‍රවෘත්ති නිවේදකයෙකු ලෙස සේවය කල රූපවාහිනි නාලිකවට සමුදීමට සිදුවීම පිටුපස ඇති හේතුව ඔබ සැම මගෙන් විමසන්නේ මට ආදරය කල නිසා බව දනිමි. ප්‍රේක්ශක ආදරයට පිටුපා එම කතාව සඟවන්නට නොහැකිය. මට සහ හරීන්ද්‍රට සමුදීමට සිදු වූයේ සහෝදර මාධ්‍ය සගයින් යැයි කියා ගනිමින් දිය රෙද්දෙන් උවද බෙල්ල කපන්නට හපන් චරිත දෙකක් හා ඔවුන් විදේශයේ සිට මෙහෙයවන වර්තමාන ලයිකා කළමණාකාරීත්වය හේතුවෙනි. විදෙස් රටක සිට සමාගම මෙහෙයවන්නන් ගැන මට පුදුම නැත. ඒ අය ගැනත් හරි තොරතුරු සහ පසුගිය කාලය තුල ඔවුන් කල දෑ සමාජගත කිරීම රටට,ජාතියට,ආගමට ආදරය කරන මාධ්‍යවේදියකු ලෙස මගේ යුතුකමක් සේ සලකා ඉදිරියේදී ඒ ගැනත් රටට හෙලි කරන්නට මා සූදානම්. අවසන මෑතකදී වෙනත් නාලිකාවක සිට පැමිණ බොරු ප්‍රතිරූප මවා සිටින සගයින් යැයි හඳුන්වාගත් දෙදෙනාටම මම අනුකම්පා කරමි. නමුත් ඔබ ඔබේ වැටුප වෙනුවෙන් තවත් කීදෙනෙකුගේ රැකියා අහිමි කිරීමට සූදානම් දැයි මම නොදනිමි. බුදු දහමේ ඉගැන්වෙන කර්මය මම තදින් විශ්වාස කරමි. සඟවා සිටින වෙස් මුහුණු ඉක්මනින් ගැලවෙනු ඇත.
උපුටා ගැනීම අවසන්


No comments:
Post a Comment