තවත් රට වැහුවොත් ආර්ථිකය ඉවරයි.. උද්දමනය 6% පැනලා..- ආර්ථික විද්‍යාඥයෝ දන්වති - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 26, 2021

තවත් රට වැහුවොත් ආර්ථිකය ඉවරයි.. උද්දමනය 6% පැනලා..- ආර්ථික විද්‍යාඥයෝ දන්වති

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තවදුරටත් රට දිගින් දිගටම වසා දැමුවොත් ආර්ථිකය ඉතා අනතුරුදායක තත්වයකට පත්වනු ඇති බවට ආර්ථික විශේෂඥයන් අනතුරු හඟවයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අභියෝගයට වඩා ආර්ථික ක්ෂේත්‍රයේ දැඩි අභියෝගයක් මතුවීමේ අවදානමක් පවතින බව ඔවුන් පෙන්වා දෙති.

රට වසා තැබීමෙන් සෞඛ්‍ය අංශයට ලැබෙන ප්‍රතිලාභ ඉක්මවා ආර්ථිකයට සිදුවන හානිය ඉහලය යන බව ආර්ථික කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංග දුනුසිංහ සඳහන් කරයි.

රට වසා දැමීමමත් සමග රජයේ ආදායම කඩා වැටීම, විදේශ සංචිත අඩු විම ද පවතින ආර්ථික අර්බුදය උග්‍ර කිරීමේ ගැටලු බවට පත්වනු ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම ‍අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් වසා තැබීම දීර්ඝකාලීන හා මධ්‍යකාලීන බලපෑම එල්ල කරනු ඇති බවද ඔහුගේ අදහසයි.

ඉකුත් අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේ දී උද්ධමනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර මැයි මාසයේ දී එය දැක්වුවේ 6.1%ක් ලෙසය.


No comments:

Post a Comment

Post Bottom Ad