මාසයකින් සහල් තොග අවසන් - රජය නිල වශයෙන් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 26, 2021

මාසයකින් සහල් තොග අවසන් - රජය නිල වශයෙන් කියයි

රජය සතු දත්ත අනුව රට තුල සහල් තොග පවතින්නේ තවත් මාසයක කාලයක පරිභෝජනය සඳහා පමණක් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

සහල් මෝල් හිමියන් රජය වෙත ලබා දී ඇති දත්ත වලට අනුව ඉදිරියේදී රට තුළ සහල් හිඟයක් ඇතිවීමේ වැඩි අවදානමක් ඇතැයිද ඔහු පැවසීය.

මේ හේතුවෙන් කඩිනමින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඒ අනුව සහල් ආනයනය සඳහා දැනටමත් දේශීය ආනයනකරුවන් වෙතින් මිලගණන් කැඳවා ඇතැයි ද ඔහු පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad