පර්ල් නෞකාවේ රක්ෂණ සමාගම මිලියන 720 ක වන්දි ලංකාවට ගෙවන්න එකඟවේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 26, 2021

පර්ල් නෞකාවේ රක්ෂණ සමාගම මිලියන 720 ක වන්දි ලංකාවට ගෙවන්න එකඟවේ !

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරට ධීවර ක්ෂේත්‍රයට සිදුවූ හානිය වෙනුවෙන් අතුරු වන්දියක් ලෙස දල වශයෙන් රුපියල් මිලියන 720 ක මුදලක් ගෙවීමට එකඟ වී තිබෙනවා. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි  සඳහන් කළේ අදාළ නෞකාවේ රක්ෂණ සමාගම විසින් එම අතුරු වන්දිය ගෙවීමට මෙලෙස එකඟ වී ඇති බවයි.
 
සම්පූර්ණ වන්දි මුදල ගෙවා නිමවනතුරු මෙම රුපියල් මිලියන 720 ක මුදල අතුරු හිමිකම් කොටසක් ලෙස ගෙවනු ඇති බවයි අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. 


No comments:

Post a Comment

Post Bottom Ad