ලංකාව ගැන එක්සත් ජාතීන්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 22, 2021

ලංකාව ගැන එක්සත් ජාතීන්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය තුළ ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාවේ අඩංගු කරුණු ඉටු කිරීමේදී අවම ප්‍රගතියක් පෙන්නුම් කරන බවටත්, තවදුරටත් මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙමින් පවතින බවටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මධ්‍ය කණ්ඩායම ප්‍රකාශයක් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මධ්‍ය කණ්ඩායම තවදුරටත් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් වන හිජාස් හිස්බුල්ලා සහ සාහිත්‍යකරු අනාෆ් ජසීම් තවදුරටත් රජය විසින් රඳවා තබාගෙන ඇති බවය.

මෙම ප්‍රකාශයෙන් ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව තහවුරු කර දෙන ලෙස ද ඉල්ලා සිටී.

තව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පෙන්වාදෙනු ලැබූ ශ්‍රී ලංකාවේ පොලිස් භාරයේදී සිදුවන මරණ පිළිබඳව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මධ්‍ය කණ්ඩායම අවධානයෙන් පසුවන බව ප්‍රකාශයේ සඳහන් වේ.


No comments:

Post a Comment

Post Bottom Ad