ඇමැතිවරු දෙදෙනෙකු මෛත්‍රීගේ නිවසේ රහස් සාකච්ඡාවක! ආණ්ඩුව ගැන තීන්දුවට මෛත්‍රීගෙන් උපදෙස් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 22, 2021

ඇමැතිවරු දෙදෙනෙකු මෛත්‍රීගේ නිවසේ රහස් සාකච්ඡාවක! ආණ්ඩුව ගැන තීන්දුවට මෛත්‍රීගෙන් උපදෙස් !

ආණ්ඩුවේ ඇතැම් තීන්දු තීරණ සහ හවුල්කාර පක්ෂයක් ලෙස ශ්‍රීලනිපයටද සිදුකරන කුඩම්මාගේ සැලකිලි හේතුවෙන් වහාම තීරණයක් ගත යුතු යැයි ශ්‍රීලනිපයේ පිරිසක් දිගින් දිගටම ඉල්ලීම් සිදු කරමින් පවතින බව වාර්තා වනවා. එම පිරිස පවසන්නේ ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කළ යුතු බවත් පක්ෂයක් ලෙස ජනතාව ඉල්ලා සිටින දේශපාලන වෙනස්කම් සිදු කිරීමට පක්ෂය ක්‍රියා කළ යුතු බවත්ය.

කෙසේවෙතත් ශ්‍රීලනිප නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ පිළිබඳ අදහස් දක්වා තිබෙනවා.

ඒ අනුව ඒ  පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකුට උපදෙස් දී ඇතැයි වාර්තා වනවා.

මේ වන විට රජය සමඟ සන්ධානගතව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවර තත්ත්වයක් යටතේවත් ස්වාධීන කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමේ තීරණය කඩිනමින් නොගත යුතු බවයි එහිදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ.

මෛත්‍රීගෙන් විග්‍රහයක්

පසුගියදා හිටපු ජනාධිපතිවරයා මෙම උපදෙස් දී ඇත්තේ වත්මන් රජය සමඟ ක්‍රියා කරන ශ්‍රීලනිප අමාත්‍යවරුන් දෙදෙනකු පෞද්ගලිකව සිය නිවසට කැඳවීමෙන් පසුව බව පක්ෂ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

එවන් හදිසි තීරණයක අතුරු ප්‍රතිඵල අහිතකර විය හැකි බවද හිටපු ජනාධිපතිවරයා එම අමාත්‍යවරුන්ට පවසා තිබෙනවා.

ඒ ගැන නීතිමය විග්‍රහයක්ද හිටපු ජනාධිපතිවරයා සිදු කර ඇතැයි දැනගන්නට ලැබෙනවා.

මේ අතර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විසදාගත යුතු ප්‍රශ්න කිහිපයක්ම තිබෙන බවයි.

ආණ්ඩුව බිඳවට්ටවා එම ප්‍රශ්න විසඳා ගැනිමට කිසිවිටෙක කටයුතු නොකරන බවයි ඔහු වැඩිදුරටත් පැවසූවේ.

-asianmirror


No comments:

Post a Comment

Post Bottom Ad